Tuesday, April 7, 2020
විශ්ව නීතිය-1.1
දිනක් මිනිසෙක් ගිනි ගොඩක් අසල යමක් ඉවත් කිරීමට උත්සාහ කරනවා පාරේ සිටි යාචකයෙක් දුටුවා..ඔහු ඒ දෙසට ගියේ කුමක් සිදුවන්නේදැයි බලා දිනයේ ඉතිරි හෝරා කිහිපය ගෙවා ගැනීමටයි..ඔහු දුටුවේ මිනිසෙක් ගිනි ජාලා නැගෙන ස්තානයකින් නාගයෙක් ඉවත් කිරීමට දරන උත්සහයක්..ඒ මිනිසා දැවෙන දර ගොඩ ඇතුලෙහි සිටි නාගයා අතින් ඇද ගනිද්දීම නාගයා අර මිනිසාට දෂ්ඨ කලා..නාගයා නැවතත් ගිනි ගොඩටම අත ඇරුනා..අර මිනිසා පසෙක තිබූ දිග දර කැබැල්ලකින් නාගයා ඉවතට ගෙන විසි කලා..පසුව ඒ දෙස බලා සිටි යාචකයා මෙලෙස විමසුවා..මිත්‍රය ඇයි අර නාගයා දෂ්ඨ කරද්දීත් ඔබ ඒ සතාව බේරා ගත්තේ..? අරුම පුදුම මිනිසා මෙසේ උත්තර දුන්නා.."දෂ්ඨ කිරීම ඒ සතාගේ ස්වභාවය,,දෂ්ඨ කරද්දීත් උදව් කිරීම මගේ ස්වභාවය.."
විශ්ව නීතිය හරි අපූරුයි..ඔයා ආදරය දුන්නොත් ආදරය ලැබෙනවා..ඔබ වෛරය දුන්නොත් එයම පෙරලා ලැබෙනවා..හැකි සෑම විටම අන් අයට උදව් කරන්න..හේතු රහිතව උදව් කරන්න..උදව්ව අවසානයේ නිහැඩිවම තමන්ගේ ගමන ආපසු අරඹන්න..දියුනු වන්නාට තරගයක් නැත..ඇත්තේ තමාට වඩා හොද කෙනෙක් හෙට දිනට බලසම්පන්න කිරීමයි....
Subscribe to:
Post Comments (Atom)
Hii gys... im back. so i have a big news. im a content writer, so i thought i can write a beautyful short stories in sinhala and english la...
No comments:
Post a Comment